මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි පාරිභෝගිකයන්ගේ නව විදුලි ගාස්තු සම්බන්ධ ගැටලුවලට සහය වීම සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව නව විදුලි ගාස්තු පිළිබඳ පැහැදිලි කිරීම් ලබා ගැනීම සඳහා විදුලි පාරිභෝගිකයාට 0775687387 යන විශේෂිත ක්ෂණික ඇමතුම් අංකයෙන් මේ සඳහා සම්බන්ධවිය හැකි බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරන්නේ.