22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ඉතිහාසයේ පළමු වරට මල්ලවපොර ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා දීමට සමත් වූ නෙත්මි අහිංසා අද (08) අලුයම දිවයිනට පැමිනියේය.
ඇය පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම මල්ලවපොර සංගම් නිලධාරීන්ද ගුවන් තොටුපළ පරිශ්‍රයට පැමිණ තිබිණි.
22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කිලෝග්‍රෑම් 57 කාන්තා මල්ලවපොර ඉසව්ව නියෝජනය කළ නෙත්මි අහිංසා ලෝකඩ පදක්කමක් දිනාගත් අතර නෙත්මි අහිංසා දිනාගත් පදක්කම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මල්ලවපොර ඉසව්වකින් ශ්‍රී ලංකාව දිනූ පළමු පදක්කම ලෙස වාර්තා අතරට එක්වෙයි.