අමෙරිකාව විසින් රුසියාවේ MIR ගෙවීම් පද්ධතියට පනවා ඇති සම්බාධක හේතුවෙන්, රුසියානු MIR කාඩ්පත් ජාලය මෙරට බැංකු පද්ධතිය තුළ ක්රියාත්මක කළ නොහැකි බව ශ්රී ලංකාවේ මහ බැංකුව දන්වා තිබෙනවා.
අමරිකානු කාඩ්පත් සමාගම් වන Visa සහ Mastercard රුසියාවේ මෙහෙයුම් කටයුතු පසුගියදා නවතා දැමීමත් සමඟ, රුසියානු ජාතිකයන්ට එම කාඩ්පත් හරහා විදෙස් ගනුදෙනු කිරීමේ අවස්ථාව ගිලිහී ගිය අතර, ඉන්පසු රුසියානු MIR කාඩ්පත් ජාලය අන්රටවල ක්රියාත්මක කරවීමට ඔවුන් ඉල්ලීම් කළා.