රාජ්‍ය අංශයේ සේවකයින්ගේ ජූලි මස වැටුප, විශ්‍රාම වැටුප්, දීමනා ඇතුළු සියලුම ගෙවීම් නියමිත පරිදි සිදුකරන බව මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ ප්‍රකාශ කළේය.
රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් ගෙවීමට රුපියල් බිලියන 92ක් සහ විශ්‍රාම වැටුප් ගෙවීමට රුපියල් බිලියන 25.5ක් වෙන් කරන බවත්, ඒ සඳහා භාණ්ඩාගාරය මේ වන විටත් මුදල් වෙන් කර ඇති බවත් එම නිලධාරියා පැවසීය.
රජයේ සේවකයන්ට මේ මාසයේ වැටුප් ගෙවීමට නොහැකි බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් මතුව නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.