අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත දැනට බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක, තරුණ කටයුතු හා ප්‍රජා සංවර්ධන පිලිබඳ ශාස්ත්‍රවේදී උපාධියේ පළමු වසරේ අවසාන විභාගයට ලබන මස 4 වැනිදා පෙනී සිටීමට නියමිත බව කොමසාරිස් ජනරාල් බන්ධනාගාර (පරිපාලන, පුනරුත්ථාපන හා මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා පැවසීය.
හිටපු මන්ත්‍රීවරයා මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් විඳිමින් සිටියි.
සිරගත කිරීමෙන් පසු තමාට විවෘත විශ්වවිද්‍යාලයේ යෞවන කටයුතු සහ ප්‍රජා සංවර්ධන පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් හැදෑරීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ඔහු බන්ධනාගාර බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඊට අවශ්‍ය අනුමැතිය ලබාදීමෙන් පසු රන්ජන් රාමනායක මහතාගේ අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සපයා දුන් බව චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නීතිරීතිවලට අනුව නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ රන්ජන් රාමනායක මහතා ලබන 4 වැනිදා විභාගයට යැවීමට කටයුතු යොදා ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.