අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර හතරක සිරදඬුවමක් විඳිමින් සිටින නළුවෙකු වන දේශපාලනඥයෙකු මෙන්ම සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඊයේ (අගෝස්තු 13) ජනාධිපති සමාවට අදාළ ලියවිල්ලකට අත්සන් තැබීය.
ඒ බව ඔහුගේ නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතා තහවුරු කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම ලේඛනයට අත්සන් තැබූ බව ඔහු පැවසීය.
එම දිවුරුම් ප්‍රකාශයේ පිටපත් ඉදිරියේදී ජනාධිපතිවරයා, අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සහ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වෙත භාරදෙන බව ඔහු පැවසීය. රාමනායක නිදහස් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ලබන්නේ ඉන් පසුවය.
අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ අගෝස්තු මස මුලදී ප්‍රකාශ කළේ රාමනායක ප්‍රථමයෙන් තමාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සමාව ඉල්ලා දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු බවයි. 2017 අගෝස්තු මාසයේදී අධිකරණය සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලදැයි කියන යම් යම් අපකීර්තිමත් ප්‍රකාශයන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය රාමනායක මහතාට 2021 ජනවාරි 12 වැනි දින අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වසර හතරක බරපතළ සිර දඬුවමක් (RI) නියම කළේය.
රාමනායකට ජනාධිපති සමාවක් ලබා දීම ගැන සලකා බලන බව වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණි.