හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීම සඳහා අධිකරණ අමාත්‍යංශයේ නිර්දේශ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසා සිටිනවා.
මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස්ද ලබාගත් බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ.
ඒ් අනුව බන්ධනාගාර කොමසාරිස්වරයාගේ වාර්තාව සහ නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව කොන්දේසියකට යටත්ව ජනාධිපති සමාව ලබාදීම සඳහා නිර්දේශයක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.