2022 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්ව සඳහා දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා යුපුන් අබේකෝන් සහභාගී වීමට නියමිතව තිබෙනවා.
ස්විට්සර්ලන්තයේ සූරිච් හිදී මෙවර ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වෙන අතර ශ්‍රී ලංකා වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12.19ට තරගය පැවැත්වීමට නියමිතයි.
යොහාන් බ්ලේක්, ට්‍රේවෝන් බ්‍රොමෙල් වැනි ප්‍රබල ක්‍රීඩකයන්ද මෙම තරගය සඳහා සහභාගී වීමට නියමිතයි.