ස්විට්සර්ලන්තයේ පැවති ස්ටොක්හෝම් ඩයමන්ඩ් ලීග් 2022 තරගාවලියට සහභාගි වූ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකොන් මීටර් 100 ධාවන ඉසව්වේ සිව්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (30දා) රාත්‍රියේ පැවැති මෙම තරගාවලියේ මීටර් 100 පිරිමි ඉසව්වට සහභාගි වූ යුපුන් අබේකෝන් තත්පර 10.21කින් තරගය නිමා කළේය.
දකුණු අප්‍රිකානු ක්‍රීඩිකයෙක් වන Akani Simbine තත්පර 10.02කින් ඉසව්ව නිමා කළ අතර Reece Prescod තත්පර 10.15කින් දෙවැනි ස්ථානය දිනා ගත්තාය.
කෙසේ වෙතත් යුපුන් අබේකෝන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 42 වැනියා බවට පත්ව ලෝක ගෘහස්ථ ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලැබීම විශේෂත්වයකි.