නැවත වරක් කොවිඩ් රෝගය නව ප්‍රභේද සමඟ මතු වීමේ අවදානමක් හටගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසා සිටිනවා.
එයින් ආරක්ෂා වීමට නම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 04ම ලබාගැනීම ඉතා වැදගත් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
දැන් වන විට ශ්‍රී ලංකාව තුළ ප්‍රාථමික එන්නත අවුරුදු 20 ට වැඩි පුද්ගලයින් 97% ක් ලබාගෙන ඇති නමුත්, පළමු බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇත්තේ මිලියන 7.9 ක් පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කරමින් කියා සිටී.