අපි කවුරුත් දන්නා පරිදි ධම්මික පෙරේරා යනු දක්ෂ ව්‍යාපාරිකයෙක් සහ ශ්‍රී ලංකාවේ ලොකුම ධනවතා ලෙසද හැඳින්වෙන ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අති දැවැන්තයෙකි.
වර්තමානයේ සමාජයේ කතා බහට ඔහුව ලක්ව ඇත්තේ දින කිහිපයකට පෙර සිදුවූ ඔහුගේ දේශපාලනික ක්‍රියාදාමය නිසාවෙනි. ධම්මික පෙරේරාට දේශපාලනික කියවීමක් ඇති බව මිට පෙර සිටම සියලු දෙනා දන්නා කරුණකි. වරක් ප්‍රවාහන අමාත්‍යංශයේ මුල් පුටුවක් හොබවමින් මහින්ද රාජපක්ෂ ජනපති යුගයේදී දේශපාලනික පත්වීමක් ලැබූ දින සිට තවත් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන කිහිපයක සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලවල සිට ඇති නිසා ඔහුට දේශපාලනය සහ රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් අත්දැකීමක් නැතුවම නොවේ.
මෙවර මදක් ඉන් ඉදිරියට ගොස් නිළ වශයෙන්ම රාජ්‍ය පාලනය සඳහා පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තු මන්ත්‍රී කෙනෙකු ලෙස පොහොට්ටුව පෙරමුණෙන් පැමිණ කැබිනට් ඇමති ධුරයක් තෙක් ඔහුගේ ගමන පුළුල් පරාසයකට තල්ලු කරගැනුමට හෙතෙම සමත්ව ඇත. ඉතිහාසය ගත කල ධම්මික පෙරේරා නම් චරිතය වරින් වර ජන්දයක් ලංවෙත්ම එක එක ආකාරයෙන් කුටප්ප්‍රාප්ත වී ඇති බව නොරහසකි. විවිධ පක්ෂ සමග යම් ආකාරයේ දේශපාලනික අවබෝධතා ඇතිකරගනිමින් තමන්ට නැති සිවිල් බලය දේශපාලනිකව ලබාගෙන තහවුරු කරගැනීමට ධම්මික පෙරේරාටද නොතිබුනා නොවෙන්නට පිළිවන. ඒ සඳහා නොයෙකුත් ආකාරයේ තම ප්‍රතිරූපය ගොඩනගා ගැනීම වෙනුවෙන් ආරම්භ කල වැඩසටහන් රැසක් පසුගිය කාලයේ අපිට අහන්නට දකින්නට ලැබුණි.
දක්ෂ ව්‍යාපාරිකයෙකුට තිබිය දුර දක්නා නුවන ඉතා සුක්ෂමව සහ තාක්ෂණිකව හසුරුවන කෙනෙක් වේනම් ඒ ධම්මික පෙරේරායි. එක අවස්ථාවක ඔහු කියන්නේ ඔහුට වැඩ කරන්න දවසේ කාලය ගොඩක් ඉතුරුවන නිසා නොයෙක් ආකාරයේ කෘතීම බුද්ධියෙන් කෙරෙන තාක්ෂණික ව්‍යාපාර වල ආයෝජනයකර තම ව්‍යාපාර ඉදිරියට ගෙනයන බවත්, රටේ අනෙකුත් අයටද මෙය උදාහරණයකට ගෙන නව නිර්මාණ සහ රාජ්‍ය අංශයේ කටයුතු කාර්යක්ෂමව කරගෙන යාමට එම තාක්ෂනය යොදාගන්නා ලෙසයි. ධම්මික පෙරේරාගේ කෘතීම බුද්ධිය ගැන කියවීම සැක සහිත උවත් යමක් ගැන පොඩි දෙයක් දැනගෙන එය ප්‍රසාරණය කරමින් තම මතවාදය ඉදිරියට ගෙන යන්නට ඔහු සමතෙක් බවනම් ඉතා පැහැදිලිය. ඔහු ඒ සමගම එය යම්තාක් දුරකට ගවේෂණය කර ප්‍රතිඵල ලබාගන්න ආකාරයද විග්‍රහ කරන්නේ දැනුමක් නැති අයවලුන්ට උවද මොහු ඉතා බුද්ධිමතෙක් ලෙස හැඟී යන පරිදියි.
කෙසේ වෙතත් දැන් ධම්මික පෙරේරා තමන් අමාරුවෙන් ලබා ගන්නට සිටි අවස්ථාව ඉතා කෙටිකලකින් ලබාගෙන තිබේ. ඒ කලින් කියූ සිවිල් බලයි. නිතිය අනුව පාරිලිමේන්තු මන්ත්‍රී වරයෙක් වීමට සුදුසුකම් ලැබීම සඳහා ඔහු දරන සියලු ව්‍යාපාරික තනතුරු සහ අධ්‍යක්ෂ මණ්ඩල වලින් ඉල්ලා අස්වී ඇත. සැලකියයුතු කරනු වන්නේ ධම්මික පෙරේරා සිවිල් බලය සඳහා ව්‍යාපාරවලින් අයින්වී නොමැති බවයි. ඔහුට අයත් ආයතන සහ ව්‍යාපාර තවමත් ඒ ආකාරයෙන්ම ඇති අතර ඔහුගේ අනුප්‍රප්තිකයකු ඔහු වෙනුවෙන් නාමමාත්‍රිකව කෙටි කලකට ව්‍යාපාර සඳහා පත්කරන අතරම වසර අවසානයේ ව්‍යාපාරවලින් එන ලාභාංශ ඒ ආකාරයෙන්ම අඩුවීම කෙසේ වෙතත් වැඩි කොටසක් ලැබෙන බවත්ය. හොඳම උදාහරණය වන්නේ ඇමරිකාවේ ට්‍රම්ප් ජනපති පුටුවේ වැඩිවීමට කිසි ලෙසකින් තම ව්‍යාපාර වලින් ඈත්වුනේ නැත. එහෙම වුවානම් ට්‍රම්ප් තරම් මෝඩයෙක් මේ ලොවෙත් නැත. ධම්මික පෙරේරාත් ඒවගේ ය.
නමුත් එක දෙයක් කිව යුතුය. ධම්මික පෙරේරා චරිතය කිසි ලෙසකින් ෆේල් වෙන්න කැමති චරිතයක් නොවේ. එම නිසා ලැබූ තනතුරු සහ තාන්න මාන්න පසෙක දමා ඔහුට ලැබී ඇති වගකීම නිසිලෙස ඉටුකිරීමට ඔහු කිසිවිටෙකත් පසුබට නොවේ. ඒවගේම වැටුපක් නොගෙන උවත් වැඩකිරීමට මෙන්ම පොඩි පොඩි ගැසිලි ගැන අබමල් රේණුවකවත් උනන්දුවක් නොදක්වන අයෙකි. හේතුව ඔහුට “පැලෙන්න සල්ලි” ඇති නිසාවෙනි. නොයෙකුත් ආයෝජන ලංකාවට වැඩිවශයෙන් ගලාගෙන එන්න ධම්මික පෙරේරා අනිවාර්යයෙන් ඔහුගේ ව්‍යාපාරික උපායමාර්ග යොදාගන්නවා නොඅනුමානයි. ඒ සමගම බොහෝ ආයෝජන සමග නාමමාත්‍රිකව ධම්මික පෙරේරාගේ නොවන කොම්පැනි ද සිටිය හැකි බව දැනගත යුතු කරුණකි.