සමක ගිනියාව යන නමින් හැඳින්වෙන අප්‍රිකා රාජ්‍යයේ ‘මාබර්ග්’ වසංගතයක් පැතිර යන බව වාර්තා වේ. ‘මාබ(ර්)ග්’ යනු මීයන් ආදී සතුන්ගෙන් මනුෂ්‍යයන්ට ව්‍යාප්තවන මාරක වයිරසයකි. ආසාදිතයන් බහුලව වාර්තා වන ‘කී-නිට්යෙම්’ නමැති පළාත මේ වනවිට ‘ලොක්ඩවුන්’ කරමින් ආසාදිතයන් සහ ආශ්‍රිතයන් විරෝධායනය කර ඇතැයි ද පැවැසෙයි.
වයිරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් සියලු දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කිරීමට ද පියවර ගත් බව සමක ගිනියා සෞඛ්‍ය අමාත්‍ය මිතෝහා ඔන්ඩෝ මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
සමක ගිනියාව යනු මධ්‍යම අප්‍රිකාවේ බටහිර වෙරළ තීරයේ, වර්ග කිලෝමීටර් 28,000 (වර්ග සැතපුම් 11,000) ස්වෛරී රටකි.
අතීතයේ ස්පාඤ්ඤයේ යටත් විජිතයක් වූ සමක ගිනියාවට එම නම යෙදී ඇත්තේ, රට සමකය සහ ගිනියා බොක්ක යන දෙකටම ආසන්නව පිහිටා ඇති බැවිනි. 2021 වන විට, මේ රටේ ජනගහනය 1,468,777 ක් යැයි පැවැසෙයි. (රොයිටර්)
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.