ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමකදී ප්‍රකාශ කළේ තමාගේ දේශපාලන ජීවිතයේ ගත් දුෂ්කරම තීරණය මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීම බවයි.
තමන් මෙම අසීරු තීරණය ගෙන ඇත්තේ රට වෙනුවෙන් බවත් රටේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට සූදානම් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
මේ අතර 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තම කැමැත්ත ඇතුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර ඇත්තේ තමන් ඔහු කෙරෙහි ඇති විශ්වාසය මත බවත් එම විශ්වාසය මත පොදුජන පෙරමුණේ සාමාජිකයින් ද ඔහුට සහය දක්වන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.