වැල්ලම්පිටිය, ලක්සඳ සෙවණ තට්ටු 11 නිවාස සංකීර්ණයේ හත්වැනි මහලේ ජනේලයකින් තම නිවසට ඇතුළුවීමට උත්සාහ කළ 61 හැවිරිදි පුද්ගලයෙකු එම උත්සාහය ව්‍යර්ථ වීමෙන් ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.
මියගොස් ඇත්තේ එස්.මහේන්ද්‍රන් නැමැත්තෙකි.
මියගිය පුද්ගලයා තම පුත්‍රයා සමඟ මහල් නිවාස සංකීර්ණයේ හත්වැනි මහලේ නිවසක පදිංචිව සිට ඇති බව පොලිසිය සඳහන් කළේය. ඔහුගේ පුත්‍රයා මත්පැන් පානය කර තිබූ නිසා දොර ඇරියේ නැති බව පරීක්ෂණවලදී අනාවරණය විය.
මියගිය පුද්ගලයා දොර විවෘත කිරීමට දැඩි උත්සාහයක යෙදී සිට ඇති අතර පසුව අලුයම 1.30 ට පමණ ඔහු අටවන මහලට ගොස් බටයකින් බැස ජනේලයකින් තම මහල් නිවාසයට ඇතුළු වීමට උත්සාහ කර ඇති බව පෙනී යන බව පොලිසිය පවසයි.