භූමිතෙල් සඳහා සහනයක් අවශ්‍ය පිරිස්වලට මූල්‍ය ආධාරයක් ලබා දී භූමිතෙල් මිල ද සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව සම කැබිනට් ප්‍රකාශක, විදුලිබල හා බලශක්ති අමාත්‍ය, කාංචන විජේසේකර මහතා පැවසීය.
භූමිතෙල් ලීටරයක් රුපියල් 87 කට අලෙවි කිරීමෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් 275.26ක අලාභයක් ලබන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍ය කාංචන විජේසේකර මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
උපුටා ගැනීම: ඩයනා උදයංගනී, ලංකාදීප වෙබ් අඩවිය