භූමිතෙල් මිල සංශෝධනය කිරීම වසර ගණනාවක් තිස්සේ සිදු කළ යුතුව තිබූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඛණිජ තෙල් සංස්ථාව පාඩු ලැබීම සඳහා එක් ප්‍රධාන හේතුවක් වූයේ සහනාධාර මිලට භූමිතෙල් අලෙවි කිරීම බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
ඒ අනුව නව මිල ගණන් පිරිවැයට සමපාත වී ඇති බවත් භූමිතෙල් මත යැපෙන අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වැවිලි ක්ෂේත්‍ර සඳහා සෘජු මුදල් සහනාධාරයක් රජය විසින් යෝජනා කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අදාළ Twitter පණිවිඩය පහතින්.
