බිත්තරයක් රුපියල් 50ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට අවස්ථාව ලබාදීමට වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු එකඟ වූ බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
වෙළෙඳ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව සඳහන් කළේ.
ඒ අනුව ඉදිරියේදී නියමිත මිල සාදා දෙන බවට වෙළෙඳ අමාත්‍යවරයා පොරොන්දු වූ බවත් ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියද දැනුවත් කරන බවට අමාත්‍යවරයා සඳහන් කළ බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.