ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ තෙවැනි තරගයේදී බංග්ලාදේශය පරදා කඩුලු 7ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියේ සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් කඩුලු 7 ක් දැවී ලකුණු 127 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී මොහමඩ් නයීම් ලකුණු 6 කටත්, අනමුල් හක් ලකුණු 5 කටත්, නායක ශකිබ් අල් හසාන් ලකුණු 11 කටත් දවා ගැනීමට මුජිබ් උර් රහ්මාන් සමත් වූ අතර මුෂ්ෆිකර් රහීම් එක් ලකුණකට දැවී ගිය අතර, අෆිෆ් හොසේන් ලකුණු 12 කට දැවී ගියා.
මොසඩැක් හොසේන් පන්දු 31 කින් නොදැවී ලකුණු 48 ක් වාර්තා කිරීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ඇෆ්ඝනිස්තානයට ලකුණු 128 ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් එය පන්දුවාර 18.3 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී පසු කර යාමට සමත් වුණා.
මෙම ජයත් සමග ඇෆ්ඝනිස්තානය මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත් වූ අතර ශ්රී ලංකාව හා බංග්ලාදේශය අතර හෙට (01) පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ද ‘B’ කාණ්ඩයෙන් සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.
තරඟයේ වීරයා බවට පත් වූයේ ලකුණු 16 කට කඩුලු 3 ක් දවාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ මුජිබ් උර් රහ්මාන් (Mujeeb Ur Rahman).