දැනට හටගෙන ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් පාසල් සිසු සිසුවියන් ප්‍රවාහනය සඳහා හඳුන්වාදෙන නව බස් රථ සේවාව අගෝස්තු 1 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිසම පවසා සිටිනවා.
ජාතික ගමනාගමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මෙරෙන්ඩා මහතා පවසන පරිදි බස් රථ 40 ක් පමණ අගෝස්තු පළවනදා සිට සාමාන්‍ය ගාස්තුව යටතේ බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කරවීමට කටයුතු සකස්කොට ඇත.
කොළඹ ප්‍රධාන පාසල් සහ ගම්පහ කළුතර හොරණ හෝමාගම මහරගම වැනි ප්‍රදේශවල තිබෙන ප්‍රධාන පාසල් සහ ඒ අවට ඇති අනෙකුත් පාසල්වල දරුවන්ගේ ගමන් පහසුව සැලසීමට මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බවයි ඔහු සඳහන් කළේ.
අදාළ බස් රථ අංක සහ පිටත් වන වේලාවන් පහතින්,