ඔක්ටේන් 95 පෙට්රල් තොගයක් ජුලි මස 13 වැනි බදාදා දින ශ්රී ලංකාවට පැමිණි බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ (LIOC) කළමනාකාර අධ්යක්ෂ මනෝජ් ගුප්තා තහවුරු කළේය.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ LIOC විසින් ත්රිකුණාමලය පර්යන්තයෙන් තම ඉන්ධන පිරවුම්හල් වෙත ඔක්ටේන් 95 පෙට්රල් බෙදා හැරීම නුදුරේදීම ආරම්භ කරන බවයි.
ත්රිකුණාමලය පර්යන්තයෙන් බවුසර් 125කින් පෙට්රල් ලීටර් මිලියන 02ක් ද අද බෙදාහරින බව මනෝජ් ගුප්තා වැඩිදුරටත් පැවසීය.
LIOC උපරිම සැපයුම් නිකුත් කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින බවත්, එහි ත්රිකුණාමල පර්යන්තයේ මෙහෙයුම් නොනවත්වා ක්රියාත්මක වන බවත් ඔහු පැවසීය.