ඊයේ දින පැවැත්වුණු රැස්වීමේදී සියලුම පුද්ගලික බංකර් ඉන්ධන ක්‍රියාකරුවන්ට ඔවුන්ගේ කර්මාන්ත සඳහා අවශ්‍ය ඩීසල් සහ ඉන්ධන තෙල් ආනයනය කර තම තමන්ගේ විදුලි ජනක යන්ත්‍ර සහ අනෙකුත් අත්‍යාවශ්‍ය යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කිරීම සඳහා ඒවා සපයාගැනීමටත් අනුමැතිය ලබා දුන් බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙමගින් CPC සහ අනෙක් ඉන්ධන පිරවුම්හල් හරහා තොග වශයෙන් සපයනු ලබන බර තව දුරටත් ලිහිල් වන බවයි.