ඊයේ දින කුරුණෑගල – යග්ගපිටිය ලංකා IOC ඉන්ධන පිරවුම්හලේදී සාමන්‍යය පුද්ගලයෙකුට පහරදුන් හමුදා නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ සියලු රාජකාරීවලින් ඉවත් කර තිබෙන බවට වාර්තා වනවා.
ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රකාශයක් කරමින් කියා සිටියේ පංච පුද්ගල විමර්ශන අධිකරණයේ නිර්දේශ ලැබෙන තුරු යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ විසින් මෙම තීරණය ගෙන ඇති බවටයි.
ඒ වාගේම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් බළකාය මගින් ද තවත් පරීක්ෂණයක් පවත්වනු ලබයි.
ඊයේ (04) බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා බලසේනා අණදෙන නිලධාරියකුගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විමර්ශන අධිකරණයක් පත් කර ඇත.