හෙට (25) දින රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටිනවා.
නැවත දැනුම්දෙන තුරු ඒ අනුව සඳුදා, අඟහරුවාදා සහ බ‍්‍රහස්පතින්දා පාසල් පැවැත්වීම තීරණය කර ඇති අතර බදාදා සහ සිකුරාදා දිනවල දී සිසුන්ට නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විය හැකි ක‍්‍රියාකාරකම් ලබාදෙන ලෙසයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙන්නේ.
එසේ නොමැති නම් බදාදා සහ සිකුරාදා ඔන්ලයින් ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.