අද දින කොළඹ මහාධිකරණය විසින් ඉඩම් ගනුදෙනුවකට සම්බන්ධව ව්‍යාපාරිකයෙකුට තර්ජනය කිරීම හේතුකොටගෙන පවරා ඇති නඩුවකට අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැරදකරු බව තීන්දු කර ඇතිබව වාර්තා වනවා.
එම තීන්දුවට අනුකූලව අමාත්‍යවරයාට වසර 5කට අත්හිටවූ වසර දෙකක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කර ඇති අතර රුපියල් මිලියන 25ක දඩ මුදලක්ද ගෙවන්නැයි නියෝග නිකුත් කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර චෝදනා ලබාසිටි අමාත්‍යවරයාගේ බිරිඳ වන මොරින් රණතුංග සහ තවත් අයෙක් නිදොස් කොට නිදහස් කරන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියම කර තිබෙනවා.
බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී මීතොටමුල්ල ප්‍රදේශයේ වගුරු බිමක් ගොඩ කිරීමට අවශ්‍ය අනුමැතියදීමට සහ එහි සිටින අනවසර පදිංචිකරුවන් ඉවත්කර දීමට ගිහාන් මෙන්ඩිස් නම් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබුණා.
යුක්තිය සැබෑවටම ඉටු වෙයිද?