වර්තමානයේ පවතින රෝග ගණනාවකට කදිම ඖෂධයක් ලෙස ලබාගත හැකි ප්‍රනීත පලතුරක් ලෙස අන්නාසි හැඳින්විය හැකිය. මෙහි පෝෂණය ගැන සැලකූ කල ශරීරයට හිතකර වෙනත් ආහාරවල දුර්ලභ විටමින් වර්ග රැසක් මෙම පලතුර තුළ අන්තර්ගත බව වෛද්‍යවරුන් සහ විද්‍යාඥයින්ගේ නිගමනයයි. එවන් රසවත් සහ ගුණවත් මෙම පලතුර යොදා ගනිමින් වඩාත් රසවත් වයින් පිළියෙල කරගන්නා ආකාරය පාඨක ඔබට වටහා දීම මෙම ලිපියේ අරමුණයි.
අවශ්‍ය ද්‍රව්‍ය:
- පොතුහැර කැබලි කපාගත් ඉදුණු අන්නාසි කිලෝ එකක්
- සීනි කිලෝ එකක්
- ඊස්ට් මේස හැඳි එකක්
- මද රස්නයට වතුර කෝප්ප බාගයක්
- ලෙමන් ගෙඩි දෙකක යුෂ
- වතුර ලීටර් දෙකක්
- කට ලොකු වැසිය හැකි වීදුරු හෝ පිඟන් මැටි බෝතලයක්
සාදාගන්නා ආකාරය:
පළමුවෙන්ම මද රස්නය ඇති වතුර කෝප්ප භාගයකට ඊස්ට් සහ සීනි මේස හැන්දක් දමා හොඳින් කලවම් කර ඊස්ට් ද්‍රාවණය සාදා මදකට පසෙකින් තබන්න. පිරිසිදු භාජනයකට වතුර ලීටර් දෙකක් දමා මද ගින්නේ තබන්න. ඒ තුළට ඉතිරි සීනි ටික එකතු කරගන්න. පිරිසිදු ලී හැන්දක් ආධාරයෙන් සීනි ටික දිය කර ගැනීමෙන් අනතුරුව එයට අන්නාසි කැබලි එකතු කර මදගින්නේ විනාඩි දහයක් පහළොවක් අතර කාලයක් තබන්න. අන්නාසි තම්බාගෙන ලිපෙන් බාගන්න. හොඳින් නිවුණු පසු ඔබ තෝරාගත් වීදුරු හා පිඟන් මැටි බෝතලයට අන්නාසි කැබලි ද්‍රාවණය දමන්න. ඉන් අනතුරුව සාදාගන්නා ලද ඊස්ට් ද්‍රාවණය හොඳින් කලවම් කර බෝතලය තුළට දමා ගන්න. එයටම ලෙමන් යුෂ එකතු කරගන්න. හොඳින් මුඩිය වසා වියළි තැනක කාමර උෂ්ණත්වයේ තිබෙන්නට හරින්න.
ඔබ සාදාගත් මෙම ද්‍රවණය දින විසි එකක් තිබිය යුතුයි. හතර හෝ පස්වැනි දිනයකදී පිරිසිදු ලී හැන්දකින් මිශ්‍රණය කලවම් කර නැවත දින පහළවක් දාසයක් වසා තබන්න. දින විසි එකෙන් පසුව මෙම මිශ්‍රණය පෙරා පිරිසිදු බෝතල් වල අසුරා ගන්න. රසවත් අන්නාසි වයින් දැන් ප්‍රයෝජනයට ගත හැකි වන අතර තවත් දින විසිඑකක් පමණ වයින් ඇසුරු බෝතල් තබා ගැනීමෙන් වඩාත් රසවත් වේ. උත්සව අවස්ථාවකදී ඔබගේ පවුලේ සාමාජිකයන්ට රසවත් අන්නාසි වයින් වීදුරුවක් පිළිගැන්වීමෙන් ඔබේ පවුලේ සතුට වැඩි කරගන්න. අන්නාසි රසය සමග මුසු වූ මෙම වයින් විශේෂ අවස්ථාවකට වඩාත් කදිමයි. දෙන රසවත් අන්නාසි වයින් ඔබේ ආදරණීයයන්ට පිළිගන්වා ඔබේ පවුලේ සතුට වැඩි කරගන්න. (aayubo)
එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්නත් අමතක කරන්න එපා.
Buzzer.lk සහ Buzzer Food සමඟ සම්බන්ධ වීමෙන් විවිධ ආහාර සහ ආහාර වට්ටෝරු ගැන වැඩි විස්තර දැන ගන්න.