බස්නාහිර සහ මධ්‍යම පළාත්වල පාසල්වල අද (15) දිනයේ පැවැත්වීමට නියමිත වාර විභාග කිහිපයක් කල් දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව බස්නාහිර පළාතේ අද (15) පැවැත්වීමට නියමිතව තිබූ 10, 11 ශ්‍රේණි වාර විභාග එළඹෙන 22 වනදා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර 09 ශ්‍රේණියේ සිසුන්ගේ වාර විභාග එළඹෙන 21 වනදා පැවැත්වීමට සැලසුම්කර ඇති බව පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා සඳහන් කළා.
ඒ වාගේම මධ්‍යම පළාතේ අද (15) පැවැත්වීමට නියමිතව තිබූ 6 සිට 9 වන ශ්‍රේණිය දක්වා සිසුන්ගේ වාර විභාග එළඹෙන 17 වනදා පැවැත්වීමට සැලසුම්කර ඇති අතර 10 සහ 11 ශ්‍රේණිවල සිසුන්ගේ වාර විභාග එළඹෙන 22 වනදා පැවැත්වීමට සැලසුම්කර ඇති බවයි මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ.