දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස ඉදිකෙරුණු නෙළුම් කුළුණේ මෙහෙයුම් කටයුතු අද (15) සිට ආරම්භ කිරීමට නියමිතයි.
2012 වසරේදී ආරම්භ කළ නෙළුම් කුළුණේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ පෙබරවාරි මස 28 වන දින අවසන් කෙරුණා.
මේ වන විට දේශීය ආයෝජකයින් සහ විදේශීය ආයෝජකයින් නෙළුම් කුළුණ ආයෝජනයට එක්ව ඇති අතර ආයෝජකයින් 22ක් ගිවිසුම්ගත වීමට කැමැත්ත පළ කර ඇති බව නෙළුම් කුළුණ පුද්ගලික සමාගම සඳහන් කරනවා.
නෙළුම් කුළුණ ජනතාව සඳහා විවෘත කිරීමත් සමග රුපියල් 500 ක් සහ රුපියල් 2,000 ක් ලෙස ප්රවේශ පත්ර මිලදී ගනිමින් ඊට පිවිසීමට හැකියාව පවතින බව වාර්තා වනවා.