ජුලි 13 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉවත්වීමේ සූදානමක් නොමැති බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පවසනවා.
සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් පළ කරමින් ඔහු සඳහන් කරන්නේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය දරමින් මාධ්‍ය නිවේදනයක් අද (10) දිනයේ නිකුත් කර ඇති බවත් එයට අනුව ඔහු සූදානම් වන්නේ ගෑස්, ඉන්ධන ගැටලු ටික විසඳා යළි බලයේ රැඳී සිටීමට බවයි.
සාමාන්‍ය එකතුවී සිදු කළ සමාජ පරාවර්ථනය නිසි වේලාවේදී නිසි පියවර නොගතහොත් එය යටපත් වී යා හැකි වන අතර මේ සම්බන්ධයෙන් සියලුම මහජනතාව මෙන්ම ජාත්‍යන්තර සංවිධානද දැනුවත් කරන ලෙස ඔහු ඉල්ලා සිටිනවා.
දරුණු විශාල සුනාමියක් ගොඩබිමට කඩා ඒමට පෙර මුහුද නිහඬව පසුපසට යන අවස්ථාව වැනි තත්ත්වයක මේ වන රට ඇති බවද, මින් පසු පැමිණිය හැකි තත්ත්වයෙන් අරගලයට නායකත්වය දුන්න පිරිස්ගේ ආරක්ෂාවද අනතුරකට ලක්විය හැකි බවද ඔහු පෙන්වා දෙනවා.
ඒ අනුව එය සඳහා පියවර ගන්නා ලෙස අදාළ පාර්ශවයන්ට තමා දැනුම් දුන් බවද, අරගලය තවමත් අවසන් නොමැති බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.