වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වහාම මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා ආපදාවකට පිඹුරුපත් සකස් කර ඇති බවත් පවතින ඩොලර් අර්බුදය විසඳීමට මුදල් අමාත්‍යවරයාට කිසිදු සැලසුමක් නොමැති බවත් අමාත්‍ය ධම්මික පෙරේරා පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකාවේ සියලු ආර්ථික අභියෝග ඩොලර් අර්බුදය හා සම්බන්ධ බවත්, මුදල් අමාත්‍යවරයා ඩොලර් ඉපැයීම්, ණය ගැනීම්, පවතින ණය සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ සම්බන්ධ සියලු කටයුතු ප්‍රමාද කර ඇති බවත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා වැඩිදුරටත් පවසයි.