ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඔහු පුහුණුවීම් අතරතුරදී මුහුණ දුන් වම් පාදයේ ආබාධයක් හේතුවෙන් මෙලෙස ඔහුට මෙම තරඟාවලිය අහිමිවී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
ඒ අනුව ඔහු වෙනුවට එළඹෙන 27 වැනිදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ආදේශ කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.
මේ අතර, සංචිතයට නම් කර ඇති දිනේෂ් චන්දිමාල්, නුවනිදු ප්‍රනාන්දු හා නුවන් තුෂාර අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කර ඇති බැවින් ඔවුන් තිදෙනා ශ්‍රී ලංකා කණ්ඩායම සමග එළඹෙන 24 වැනිදා දිවයිනෙන් පිටත්ව නොයන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.