හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
2021 ජුනි 24 දින ආර්. දුමින්ද සිල්වා ජනාධිපති සමාව මත නිදහස් විය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනෙකුට 2016 සැප්තැම්බර් 8 වැනිදා මරණ දඬුවම නියම විය.
දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල්, චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද, සරත් බණ්ඩාර සහ ප්‍රියන්ත ජනක බණ්ඩාර යන අයට මරණ දඬුවම නියම විය.
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් වරදකරුවන්ට මරණීය දණ්ඩනය නියම කිරීමට තීරණය කිරීමත් සමඟ තීන්දුව 2/1 බෙදීම් තීන්දුවක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
2011 වසරේ ඔක්තෝබර් 8 වැනිදා මුල්ලේරියාව වල්පොල ප්‍රදේශයේ සිදුවූ වෙඩි හුවමාරුවකින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.