
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය හා ජාතික ගමනාගමන අධිකාරිය සමඟ අද පැවති සාකච්ඡාවකින් අනතුරුව පැය 48ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට එම සංගමය තීරණය කර තිබේ.
දුම්රිය ගාස්තු සංශෝධනය කර ඇති ආකාරය ගැන විරෝධය පළකරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ (23) පස්වරු 06.00 සිට පැය 48ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට කටයුතු කළා.