ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් එක්ව දුම්රිය මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
මේ අතර, දුම්රිය වර්ජනයක් හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි.
ඒ අනුව කොටුව සහ මරදාන දුම්රිය ස්ථානාධිපතිවරුන් එම ස්ථානවලින් ඉවත් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.