අධික මහජන ඉල්ලීමට ප්රතිචාර දැක්වීමක් වශයෙන් හා ඉහළ සේවාවක් මගීන් වෙත ලබා දීමේ අරමුණ පදනම් කර ගනිමින් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය ඉදිරි ආසන වෙන් කිරීමේ මෙතෙක් පැවති දින 14 ක කාලසීමාව දින 30 දක්වා දීර්ඝ කිරීමට කටයුතු යොදා තිබෙනවා.
මෙම සේවාව සැප්තැම්බර් 13 වනදා සිට ක්රියාත්මක කිරීමට නියමිත බව සඳහන්.
ඒ අනුව දුම්රිය ධාවනයට මසකට පෙර අදාල ආසන වෙන්කර ගැනීමට මගීන්ට හැකිවනු ඇති.