දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වල දී ජාතික ඉන්ධන බලපත්‍ර කේතය පිරික්සුම් ක්‍රමවේදයෙන් (QR) සංවර්ධන නිලධාරීන් ඉවත් වීමට තීරණය කර ඇති බවට වාර්තා වනවා.
අදාළ පිරික්සුම් කාර්යය සිදු කිරීමේ දී හටගැනෙන ගැටලු හා ඒවා විසඳා ගැනීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට කර ඇති දැනුවත් කිරීම පිළිබඳව කිසිදු අවදානයක් යොමු නොකොට සිටීම පිළිබඳව විරෝධය පළ කිරීමක් වශයෙන් මෙම පියවර ගැනීමට සිදුවූ බව සංවර්ධන සේවා නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමු කර ඇති චක්‍රලේඛයක් මත පිරවුම්හල් වල ඉන්ධන කේත පරික්ෂා කිරීමේ ක්‍රමවේදය සඳහා සංවර්ධන නිලධාරීන් අනියුක්ත කොට තිබුණි.
තම නිලධාරීන්ට වෘත්තීමය වශයෙන් ඉන්ධන පිරවුම්හල කටයුතු වෙනුවෙන් මැදිහත් වීම කිසිදු අදාල කමක් නැති වුවද ජනතාව පත්ව සිටින අපහසුතාවය මග හැරීමට සහයෝගයක් ලබා දීමේ පදනමින් ඒ සඳහා මැදිහත් වෙමින් සිටින බවයි එම සංගමය තව දුරටත් සඳහන් කරමින් කියාස් සිටින්නේ.