දිවයිනට රැගෙන ආ තවත් සුපර් ඩීසල් මෙට්‍රික්ටොන් 30,000ක් අද (24) දිනයේ ගොඩබෑමට නියමිතව තිබෙනවා.
බොරතෙල් තොගයක් රැගත් නෞකාවක් ද ඊයේ (23) දිනයේ මෙරටට පැමිණි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර Twitter පණිවිඩයක් තබමින් සඳහන් කළා.
මීට අමතරව ඔටෝ ඩීසල් තොගයක් ලබන 25 සහ 26 යන දිනයන්හි මෙරටට පැමිණීමට නියමිත අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් තොගයක් රැගත් නෞකාවක් ද ලබන 27 සහ 29 වන දිනයන්හිදී මෙරටට පැමිණීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.