රුසියාවේ සිට ශ්‍රී ලංකාවට බොරතෙල් පැමිණීම සම්බන්ධයෙන් දිවයින පුවත්පත අසත්‍ය සහ නොමග යවන සුළු ප්රවෘත්ති පළ කිරීම සම්බන්ධයෙන් නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය නීතීඥයින්ට උපදෙස් දී තිබෙනවා. මෙම චෝදනා විමර්ශනය කිරීම සඳහා CPC විසින් CID වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, “පසුගිය මාසය තුළ ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ අමාත්‍යාංශයට යෝජනා 70කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබෙනවා. සියලුම යෝජනා රජයේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් විසින් ඇගයීමට ලක් කරනු ලබන අතර අවශ්‍යතා සම්පූර්ණ වූ පසු LOI නිකුත් කරනු ලැබේ”.
“බොහෝ යෝජනා තාක්ෂණික අවශ්‍යතා සපුරාලන නමුත් රට සහ බැංකු ශ්‍රේණිගත කිරීම් හේතුවෙන් CPC විසින් අනුගමනය කළ හැකි ගෙවීම් ක්‍රම සපුරාලීමට අපොහොසත් වේ. ඕනෑම කෙනෙකුට අසත්‍ය සහ නොමග යවන පුවත් පතුරුවනවාට වඩා ශක්‍ය යෝජනාවක් ඇත්නම් එය CPC හෝ අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා”.