දිවයින පුරා පිහිටි ලංගම ඩිපෝවල ටයර් සහ අමතර කොටස් නොමැතිවීම හේතුවෙන් ක්‍රියා විරහිත වූ බස් රථ 800ක් අගෝස්තු 01 වැනිදා සිට ධාවනයට යොදවන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ඉල්ලීමකට අනුව මෙම බස් රථ සඳහා අමතර කොටස් ලබාදීමට පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවිය.
මෙම බස් රථ අලුත්වැඩියා කර ඇති අතර රටපුරා පිහිටි ලංගම ඩිපෝ 105කින් අලුත්වැඩියා කරන ලද එවැනි බස්රථ 800ක් අගෝස්තු පළමුවැනිදා සිට ධාවනයට යොදවනු ඇත.
මෙම බස්රථ සමඟින් පොදු ප්‍රවාහන සේවය වඩාත් කාර්යක්ෂම වන අතර දැනට පවතින බස් රථ හිඟය හේතුවෙන් බස් මගීන්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනීමට හැකිවනු ඇත.