ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මූල්‍ය උපදේශන ලබාදෙන Lazard ආයතනය චීනය, ජපානය සහ ඉන්දියාව සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව වැඩබලන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා.
ඒ අනුව යම් එකඟතාවයකට පැමිණීම මෙම සාකච්ඡාවල අරමුණ බවයි අමාත්‍යවරයා අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අවශ්‍ය මූල්‍ය සහනය ලබාගැනීමට මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය අවශ්‍ය බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.