Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

 ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි

July 21, 2026

කටුවාන ගින්නෙන් 5ක් මරුට

July 21, 2026

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
  • ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්
  • කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
  • දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ජෝන් කීල්ස් සමූහය රටේ ආහාර සුරක්ෂිතතාව හා අධ්‍යාපනය වෙනුවෙන් තවත් සුවිශේෂී ප්‍රජා සත්කාරයක
Blog 8 Views

ජෝන් කීල්ස් සමූහය රටේ ආහාර සුරක්ෂිතතාව හා අධ්‍යාපනය වෙනුවෙන් තවත් සුවිශේෂී ප්‍රජා සත්කාරයක

Buzzer EditorBy Buzzer EditorAugust 28, 2022Updated:August 28, 2022No Comments3 Mins Read8 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ අර්බුදයකට මුහුණ දෙමින් සිටින මේ මොහොතේ, එම අර්බුදයේ බලපෑම්වලට ලක්වූ ජනතාවට තිරසාර අත්වැලක් සැපයීම සඳහා ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය ඉදිරිපත් වී සිටී.

“අපේ රට මෙවැනි සමාජ-ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි. ආහාර, ඉන්ධන, පොහොර සහ වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟවීම සහ ජීවන වියදම අධික ලෙස ඉහළ යාම වැනි ගැටලු නිසා දිවයින පුරා ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිනවා.” ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී හි ආයතනික ප්‍රජා සත්කාර ප්‍රධානී කාමලීන් ජයසූරිය මහත්මිය පැවසුවාය.

දෛනිකව වැටුප් උපයන්නන්ට මෙන්ම ස්වයං රැකියා හා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල නිරත වන්නන්ට මෙම අර්බුදය හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇත. COVID-19 මෙන්ම ආර්ථික අර්බුදය නිසා පාසල් සහ උසස් හා වෘත්තීය අධ්‍යාපන ආයතන තාවකාලිකව වසා දැමීමට සිදුවීමෙන් දරුවන්ට හා තරුණ පරපුරටද ගැටලු රැසකට මුහුණ දීමට සිදුවී තිබේ.

ජෝන් කීල්ස් සමූහයේ ප්‍රජා සත්කාර වැඩසටහන වන ජෝන් කීල්ස් පදනම මගින් ක්‍රියාත්මක කරනු ලබන ‘ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති’ ව්‍යාපෘතිය ඔස්සේ, මේ සඳහා කඩිනම් විසඳුම් සපයන වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ජෝන් කීල්ස් සමූහය මේ වනවිට පියවර ගෙන ඇත. ජෝන් කීල්ස් සමූහයේ සමාගම් හා එක්වී, ප්‍රධාන අංශ දෙකක් යටතේ මෙය ක්‍රියාත්මක කෙරේ.

මෙහි පළමු අංශය යටතේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට උත්සාහ දැරෙන අතර, ඒ සඳහා Elephant House, Keells, Cinnamon Hotels & Resorts සහ John Keells Property යන සමාගම්වල දායකත්වය හිමි වේ. පහසුවෙන් ලබා ගත හැකි පෝෂ්‍යදායී ආහාර පිළිබඳව දැනුවත් කිරීම, කෘෂිකර්මාන්තයේ කාර්යක්ෂමතාව වැඩි කිරීම, ස්වයංපෝෂිතභාවය හා ව්‍යවසායකත්වය දිරිගැන්වීම ආදිය මීට ඇතුළත් වේ. එමෙන්ම ආහාර හිඟයට පිළියම් ලෙස ‘Keells Donation Card’ ක්‍රමය යටතේ වියළි සලාක ඇසුරුම් පරිත්‍යාග කිරීම සහ Cinnamon  ‘Meals that Heal’ වැනි කෙටිකාලීන වැඩසටහන්ද ක්‍රියාවට නංවා ඇත. මීට අමතරව ගෙවතු වගා වැඩසටහන්, යහපත් කෘෂිකාර්මික ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීම සහ පාසල් දරුවන්ට ආහාර සැපයීම වැනි තවත් වැඩසටහන්ද ක්‍රියාත්මක වේ.

අධ්‍යාපනයට වඩා ආහාර සපයා ගැනීමට ප්‍රමුඛත්වය ලබාදීමට සිදුවීම නිසා දරුවන්ගේ සහ තරුණ පරපුරේ අධ්‍යාපන කටයුතු අදාළ වී ඇත. මෙය ඔවුන්ට ජීවිත කාලය පුරාම බලපාන ගැටලුවක් වීමට ඉඩ ඇති බැවින්, අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් මෙම වැඩසටහනේ දෙවැනි අංශය මගින් අවධානය යොමු කෙරේ. මේ යටතේ ඉංග්‍රීසි සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, උසස් අධ්‍යාපනය සහ ඩිජිටල් ඉගෙනුම ආදිය සඳහා ශිෂ්‍යත්ව ලබාදීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිටුදැකීම, මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සහ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ආදිය පිළිබඳ දැනුවත් කිරීම් සිදු කෙරෙනු ඇත.

සාමූහික ප්‍රයත්නයක් ලෙස, අවශ්‍ය සම්පත් යොදාගනිමින් මෙම වැඩසටහන තිරසාර ලෙස පවත්වාගෙන යාම සඳහා ජෝන් කීල්ස් සමූහය මේ වනවිට රාජ්‍ය ආයතන සහ තාක්ෂණික හවුල්කරුවන් රාශියක් සමග අත්වැල් බැඳගෙන සිටී.

විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7 ක පවතින සමාගම් 70 කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන ජෝන් කීල්ස් හෝල්ඩින්ස් ආයතනය සේවක සේවිකාවන් 14,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 17 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බල ගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවන අතර, “Plastic cycle” සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.

blog featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඅවිධිමත් ලෙස විදේශ මුදල් හුවමාරු කරන්නන් සම්බන්ධයෙන් විමර්ශන
Next Article කොවිඩ් 19 තොරතුරු යාවත්කාලීන කිරීම – අගෝස්තු 26 සහ 27
Buzzer Editor
  • Facebook

Related Posts

 ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි

July 21, 2026

කටුවාන ගින්නෙන් 5ක් මරුට

July 21, 2026

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

කටුවාන ගින්නෙන් 5ක් මරුට

July 21, 2026

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්

July 21, 2026

කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

July 21, 2026

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Sports
Sports July 21, 20262 Views

 ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි

By Buzzer EditorialJuly 21, 202602 Views

දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා වූ කෙටිදුර ධාවනශූර යුපුන් අබේකෝන් මලල ක්‍රීඩාපිටියට සමුගන්නා බව ප්‍රකාශයට පත්කර…

කටුවාන ගින්නෙන් 5ක් මරුට

July 21, 2026

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්

July 21, 2026

කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
  • ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්
  • කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
  • දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.