ඊයේ පාර්ලිමේන්තුව අසළ පැවති විරෝධතාවයේදී ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයින් විසින් යුද හමුදා සෙබළෙකු සතුව තිබූ ටී 56 ගිනි අවියක් සහ පතොරම් 60ක් සහිත මැගසින් 2ක් රාජසන්තක කර ඇති බව පොලීසිය පවසයි.
ඊයේ සවස බත්තරමුල්ල පොල්දූව හන්දියේ පාර්ලිමේන්තුව අසළ පැවති මහජන නැගිටීමේදී යුද හමුදා සෙබළා සහ පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා තිබේ.
කළුතර පොලිස් අභ්‍යාස පාසලට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයා විරෝධතාකරුවන්ගේ ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
යුද හමුදා සෙබළා වැල්ලවාය යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන අයෙකු බවත් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් වාර්තා වේ.
විරෝධතාකරුවන් විසින් රාජසන්තක කර තිබූ ගිනි අවිය සහ පතොරම් සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
අතුරුදන් වූ ගිනි අවිය සහ පතොරම් සොයා වැලිකඩ සහ බොරැල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මේ අතර, ඊයේ පස්වරුවේ බත්තරමුල්ල පොල්දූව හන්දියේ පාර්ලිමේන්තුව අසල විරෝධතාකරුවන් සහ ආරක්ෂක නිලධාරීන් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 42කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.