සිකුරාදා සහ සෙනසුරාදා දිනවල ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය නැවත දැනුම්දෙන තෙක් වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.
ලබන ජුලි 01 සිකුරාදා සහ ජුලි 02 සෙනසුරාදා සිට එය ක්‍රියාත්මක බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
කුමන හෝ ජංගම දුරකථන ජාලයකින් අංක 225 ඇමතීම මගින් හෝ ස්ථාවර දුරකථන මගින් 1225 ඇමතීමෙන් සිකුරාදා සෙනසුරාදා හැර වෙනත් දිනයක පහසු වේලාවක් වෙන්කරගෙන පැමිණීමෙන් වඩා ඉක්මන් සේවාවක් ලබාගත හැකියාව තිබෙන බවයි එහි සඳහන් වන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
