ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන තානාපති මිසුකොෂි හිඩියාකි මහතා අතර හමුවක් ඊයේ (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ජපාන තානාපතිවරයා විසින් හිරෝනෝමියා නරාහිතෝ අධිරාජ්‍යයාගේ සුබ පැතුම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිරිනැමූ අතර ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා සුහද කතාබහක ද නිරත විය.
සැප්තැම්බර් 6 වැනිදා ජපාන තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව එක්ව සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක් වන සැන් ෆ්රැන්සිස්කෝ සාම සමුළුවේදී හිටපු ජනාධිපති J.R.ජයවර්ධන මහතාගේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් ඉදිරි වැඩපිළිවෙල පිළිබඳවද ජපාන තානාපතිවරයා සහ ජනාධිපති වික්‍රමසිංහ මහතා සාකච්ඡා කළහ.