කෝප් කමිටුව හමුවේ විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සිදුකළ ප්‍රකාශය තමා සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා සිටිනවා.
වැඩි දුරටත් ජනාධිපතිවරයා පවසන්නනේ මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නිශ්චිත පුද්ගලයෙකුට හෝ ආයතනයකට පිරිනැමීමේදී අධිකාරීමය බලය භාවිත කළ බවට කළ ප්‍රකාශය තමා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවයි.
නොබෝ දිනකට පෙර කෝප් කමිටුව හමුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු සඳහන් කළේ,මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය අදානි සමාගමට ලබාදීමේදී ජනාධිපතිවරයා තමා කැඳවා ඉන්දීය අගමැතිවරයා එය ලබාදෙන ලෙස තමන්ට බල කරන බව ප්‍රකාශ කළ බවත් තමා එම අවස්ථාවේදී එය විදුලි බල මණ්ඩලයට අයිති ගැටලුවක් නොව ආයෝජන මණ්ඩලයට අයත් ගැටලුවක් බවට ප්‍රකාශ කළ බවයි.