2023 පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර ඇති පෙත්සම ලබන 23 වනදා ට පෙර සලකා බැලීම සඳහා කැඳවන ලෙස ඉල්ලමින් මීට පෙර ගොනුකළ මෝසම සලකා බැලීමට අනවශ්‍ය බව පෙත්සම්කරුගේ නීතිඥවරු අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා.
ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා කලින් නියම කළ පරිදි ලබන 23 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇති බවයි සඳහන් වන්නේ.
පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු විසින් මෙම රිට් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.