මිද්දෙණිය ප්‍රදේශයේ අවමංගල්‍ය ශාලාවක හිමිකරුවෙකු කොන්ත්‍රාත්තුවෙන් ඝාතනය කිරීමට නියෝග කළැයි සැකපිට කෝටිපති ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම ව්‍යාපාරිකයා රුපියල් ලක්ෂ 20කට යුද හමුදාවෙන් පලාගිය සෙබළකුට කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇතැයි පොලිසිය අනාවරණය කරගෙන ඇත.
පසුගිය ජුනි 26 වැනිදා මිද්දෙණියේදී මෙම ඝාතනය සිදුව ඇත. අවමංගල්‍ය ශාලාවේ හිමිකරු වන ප්රතාභාත් මංජු උදෑසන තම වෙළඳසැල විවෘත කරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කර තිබුණා. මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකු ටී 56 තුවක්කුවකින් ඔහුට වෙඩි තබා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ මිද්දෙණිය පොලිසිය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් අනාවරණය කරගෙන ඇත්තේ වෙඩික්කරු තංගල්ලේ සිට කුලියට ගත් වැගන් ආර් මෝටර් රථයකින් මෙම ප්‍රහාරයට පැමිණ ඇති බවයි.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා සිද්ධියෙන් පසු සැඟවී සිටි යුද හමුදාවෙන් පලා ආ සෙබළකු බවද විමර්ශනයේදී අනාවරණය විය. කෝටිපති ව්‍යාපාරිකයා තම දියණිය සම්බන්ධයෙන් ඇති වූ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.