අනුරාධපුර සාලිය මාවත ප්රදේශයේ ගෑස් නියෝජිතයකුට අයත් ගබඩාවක සඟවා තිබූ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 540ක් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් වටලා තිබේ.
ගෘහස්ත ගෑස් සිලින්ඩර් තොගයට අමතරව හිස් ගෑස් සිලින්ඩර 54ක් ද සොයාගත් බවත් අදාළ ගෑස් නියෝජිතයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.