සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ද්‍රව පෙට්‍රෝලියම් (LP) ගෑස් මිල අඩු කරන බව ලිට්රෝ සභාපති මුදිත් පීරිස් මහතා ප්‍රකාශ කළේය.
හඳුන්වා දී ඇති ගෑස් මිල සූත්‍රයට අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කට වඩා අඩුවීමට ඉඩ ඇති බව වාර්තා වේ.
මේ අතර, සාමාන්‍ය තේ කෝප්පයක සහ බත් පැකට්ටුවක මිල ද අඩු කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.