අද සිට දිනකට ගෑස් සිලින්ඩර 80,000ක් සපයන බව ලිට්රෝ ගෑස් සමාගම නිවේදනය කරයි.
ලිට්රෝ ආයතනයේ ප්රකාශකයෙකු අප වෙත දන්වා සිටියේ ඉදිරි දින කිහිපය සඳහා ප්රමාණවත් ගෑස් සැපයුමක් ඔවුන් සතුව පවතින අතර ඔවුන් දිවයින පුරා ගෑස් අඛණ්ඩව බෙදා හැරීමට කටයුතු කරන බවයි.
විකල්ප බලශක්ති සම්පත සොයා ගැනීමට අපහසු කොළඹ, ගම්පහ වැනි ප්රදේශවලට 60%ක් වැඩි ගෑස් සිලින්ඩර් බෙදා හැරීම කෙරෙහි අවධානය යොමු කරන බව කෝප් කමිටුව දන්වා සිටියේය.
ගෑස් සඳහා ඉන්දියානු ණය මාර්ගයෙන් වෙන් කර ඇති ඩොලර් මිලියන 120 ක් ඉදිරි මාස තුනක ගෑස් සැපයුම සඳහා ප්රමාණවත් බව කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළේය.