ශ්‍රී ලාංකිකයින් 1125 දෙනෙකු කඩිනමින් දකුණු කොරියාවට යැවීමට වීසා සුදානම් බවත් සතියකට ශ්‍රමිකයින් 250ක් කොරියාවට යවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ඊයේ ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොරියානු රැකියා අපේක්ෂකයින් පිරිසක් සමඟ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති හමුවකදීය.
කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් ද ඊට සහභාගි වූහ.
කොරියානු රැකියා අපේක්ෂකයින් සඳහා වීසා අයදුම් කිරීමේ ප්‍රමාදය වැළැක්වීමට අවශ්‍ය පියවර දැනටමත් ගෙන ඇති බවත් ඒ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට ඉලක්ක සහ දිරිගැන්වීම් ලබාදීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. කොරියානු විභාග පැවැත්වීම සඳහා වැඩි පහසුකම් සහිත නව මධ් යස්ථානයක් ලබාදෙන බවත්, ඉදිරි වසර තුළ කොරියානු රැකියා අවස්ථා ඉහළ නැංවීම සඳහා කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.